25 C
Galle

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට.

Published:

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් එකි රැඳවියක් මියගොස් ඇති බවත් ගැටුම පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කා්ය බලකාය සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවූ බවත් මොණරාගල පොලිසිය කියයි.

මේ ගැටුමෙන් මියගොස් ඇත්තේ අම්පාර, නවගම්පුර, හතරවැනි ගම්මානයේ පදිංචිව සිට බන්ධනාගාරගත කර සිටි උපුල් නිශාන්ත නමැති අයෙකි.

බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් පැවතිය ද මොහු සියදිවි නසාගන්නට ඇතැයි සැකකරන බවයි. පොලිසිය පවසන්නේ මරණය සියදිවි නසාගැනීමක් ද ගැටුම අතරතුර සිදුවූවක් ද යන්න පිළිබඳ මරණ පරීක්ෂණයට පෙර කිසිවක් කිව නොහැකි බවයි.

මියගිය රැඳවියාගේ මළ සිරුර මේ වනවිට මොණරාගල රෝහලට ගෙනගොස් ඇත.

(නයනජීව බණ්ඩාර)

Related articles

Recent articles

error: Content is protected !!