28.6 C
Galle

දකුණේ පීසීආර් පරීක්ෂණ නවතී

Published:

දකුණු පළාතේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීමට අවශ්‍යකරනු ලබන කට්ටල නොමැතිවීමෙන් ඊයේ (27) සිට පීසීආර් පරීක්ෂණ අවශ්‍ය පමණ සිදුකිරීටම නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්ව සිටි අය අතරිින් ඊයේ (27) දිනයේ දී ද පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබූ ඇතැම් පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ අද (28) දිනයේ දී ද සිදුකිරීටම නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.

ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ ම මේ වනවිට කොරෝනා වසංගතය පැතිරයාම වේගවත් වී ඇති බැවින් දකුණු පළා‍ත තුළ දෛනිකව පීසීආර් පරීක්සණ 2000ක් පමණ සිදුකිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. එසේ වුව ද අවශ්‍ය සාම්පල ලබාගන්නා කට්ටල නොමැති වීම හේතුවෙන් ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ ඉතා සුළු ප්‍රමාණයක් අත්‍යාවශ්‍යම කිහිප දෙනෙකුට සිදුකෙරුණු අතර අද දිනනයේ දී ද සිදුකර ඇත්තේ පීසීආර් පරීක්ෂණ කිහිපයක් පමණි.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව ඇති පීසීආර් කට්ටල අවසන් වී ඇති අතර දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා ඉක්මණින් අදාල ඇණවුම් ලැබෙනු ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!