27.1 C
Galle

බෝම්බයක් ඇති බව කියා අම්බලන්ගොඩ බැංකුවක් කොල්ල කාලා

Published:

අම්බලන්ගොඩ මාදම්පේ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් මාදම්පේ ග්‍රාමීය බැංකුවට අද (29) කඩා වැදී එහි සේවකයන් බිය ගන්වා මුදල් රැගෙන පලාගිය පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.   
චීන වරාය ගුවන් හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි ගුවන් හමුදා නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මුඛ ආවරණයක් සහ ආරක්ෂිත හිස් වැසුමක් පැළද ග්‍රාමීය බැංකුවට පැමිණ තමා අත බෝම්බයක් ඇතැයි පවසා සේවකයින් බියවද්දා මුදල් රැගෙන ඇති බව පොලීසිය කියයි.
 
සැකකුරු එම ග්‍රාමීය බැංකුව ආසන්නයේම පදිංචිකරුවෙකු බවද අනාවරණය වී ඇත.
 
මුදල් රැගෙන පලා යමින් සිටි සැකකුරු පසු පස ප්‍රදේශවාසීන් ලුහුබැද යමින් පොලිසිය ද දැනුම්වත් කිරීමෙන් පසු ඔහුව සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Related articles

Recent articles

error: Content is protected !!