27.1 C
Galle

සතුන් දඩයමට විදුලිය අදිද්දී දෙදෙනෙක් මරුට

Published:

මන්නාරම කලපුවේ තිරුකේදීශ්වරන් මාලිගේතිඩල් ආසන්නයේ මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 45 වයස්වල පසුවන දෙදෙනෙනකි.

ඔවුන් සතුන් දඩයම් කිරීම සඳහා මාර්ගයේ ඇති විදුලි රැහැන්වලින් අනවසරයෙන් විදුලිය ලබාගැනීමට කරන ලද උත්සාහයක දී විදුලි සැර වැදී මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම සිරුරු දෙක පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මන්නාරම රෝහල වෙත යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මන්නාරම පොලිසිය විසින් පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!