27.1 C
Galle

දකුණේ කොරෝනා අවදානමේ වර්ධනයක්

Published:

දකුණු පළාතෙන් ඊයේ (30) කොරෝනා ආසාදිතයින් 79 දෙනකු වාර්තා වී ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලය පවසයි. මෙම නව ආසාදිතයින් සමග දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,648 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,413ක් වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 950කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 285ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම කාර්යාලය විසින් නිකුත් කර ඇති දත්ත වලට අනුව දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින්ගෙන් සුවවී ඇති සංඛ්‍යාව 1,407කි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ 778 දෙනකු ද මාතර 485දෙනකු ද හම්බන්තොට 144දෙනකු ද සුවය ලබා තිබේ.

ගාල්ල දිස්ත්‍රික්තයෙන් ඊයේ (30) ආසාදිතයින් 49දෙනකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 17 දෙනකු නෙළුව කොට්ඨාසයෙන් ද 09දෙනකු හබරාදුවෙන් ද 07 දෙනකු බද්දේගමින් ද 05 දෙනකු හික්කඩුවෙන් ද බෝපෙ පෝද්දල හා යක්කලමුල්ලෙන් තිදෙනා බැගින් ද ඇල්පිටියෙන් දෙදෙනකු ද අක්මීමණ, කරන්දෙණිය හා තවලමින් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් අලුතින් ආසාදිතයන් 23 දෙනකු හමුවී ඇති අතර ඔවුන්, අතුරලිය කොට්ඨාසයෙන් ආසාදිතයන් 12 දෙනකු ද මාලිම්බඩින් 07 දෙනකු ද මොරවකින් 04 දෙනකු ද වශයෙන් හමුවී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 07කි. ඔවුන්ගෙන් තිදෙනකු කටුවන කොට්ඨාසයෙන් ද දෙදෙනකු වලස්මුල්ල කොට්ඨාසයෙන් ද අම්බලන්තොට හා හම්බන්තොටින් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!