27.1 C
Galle

දියේ ගිලී මියගිය සිසුවියගේ ගුරුවරිය ඇප මත මුදා හරී

Published:

පාසල් ක්ෂේත චාරිකාවක් අතර දියනෑමට ගිය 16 හැවිරිදි ශිස්‍යාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දැරිය ඉගෙනුම ලැබූ බලංගාඩ තැන්න විද්‍යාලයේ ගුරුවරිය අද (01) බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී.

මෙම සිසුවිය ඇතුළුව සිසු සිසුවියන් 12 දෙනකු පෙරේදා (30) බලංගොඩ කල්තොට වළවේ ගඟ ආශ්‍රිත ක්ෂේත්‍ර චරිකාවක යෙදී සිටිය දී බටකොළ ඇල්ල ආසළ දිය නාමින් සිටිය දී මෙ දැරිය දියේ ගිලී මියගියාය.

මෙම ගුරුවරිය සිසු දරු දැරියන් රැගෙන ගොස් ඇත්තේ විදුහල්පතිවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ හෝ අනුමැතියකින් තොරව බව ට චෝදනා එල්ල වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!