27.1 C
Galle

ජැටිය විකුණනවාට එරෙහිව ගාල්ල‍ේ උද්ඝෝෂණයක්

Published:

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආයෝජනයක මුවාවෙන් විකුණා දැමීම වහාම නවතා දමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (01) ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්විණි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මම විකුණනවා” යනුවෙන් සඳහන් පුවරුවක් රැගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුහුණේ සිතුවමක් පැළඳ අයකු ද මෙම විරෝධාතව ඉදිරිපිට සිටියේය. විරෝධාතා කරුවන් ප්‍රකාශ කරන්නේ මෙම යෝජනාව විවිධ වේෂයන්ගෙන් ඉදිරිපත් කරමින් සිදුකරන්නේ ජැටිය විකුණා දැමීම බවයි. එය සම්පූර්ණයෙන් ම හකුළා ගන්නා තුරු දීප ව්‍යාප්ත විරෝධතා රැල්ලක් පවත්වන බවත් ඔවුහු කියති.

ධනංජය ජයසුන්දර  

Related articles

Recent articles

error: Content is protected !!