27.1 C
Galle

මස්කෙළියේ පාසලක් තාවකාලිකව වසා දමයි

Published:

මස්කෙළිය සාමිමලේ ගවරවිල දෙමළ මහා විද්‍යාලය අද දින සිට තාවකාලිකව වසා දැමූ බව මස්කෙළිිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජයන් පවසයි.

වතුයායක පදිංචි පවුලක මවට, පියාට හා පුතාට කොරෝනා ආසාදනය වී  තිබීම හේතුවෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පාසල මෙසේ තාවකාලිකව වසා දමා ඇත. වෛද්‍යවරයා පවසන්නේ ඔහුගේ ආශ්‍රිතයන් වූ අනෙක් පන්තිවල ගුරුවරු සහ ළමයින් ද නිරෝධායනයට යොමු කිරීමට සිදුව තිබීම හේතුවෙන් මෙවැනි පියවරක් ගත් බවයි.

මව නෝර්වුඩ් ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවක බැවින් එහි සේවක සේවිකාවන් 35 දෙනකු ද නිරෝධායනයට යොමුකර ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ පසුගිය දිනක කොළඹ සිට මේ නිවසට පැමිණි පුද්ගලයකු හේතුවෙන් මෙම පවුලේ අය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි.

Related articles

Recent articles

error: Content is protected !!