26.1 C
Galle

රන්ජන්ගෙන් අපෑලක්

Published:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති සිර දඬුවම අහෝසි කරන ලෙසත් ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) අපෑලක් ගොනු කළේය.

මෙම ඇපෑල විභාගයට ගෙන අවසන් වනතුරු තමන් සිර බාරයේ තබා ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු සිය ඇපෑලෙන් ඉල්ලා ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායකට ඉකුත් ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ අතර එම දඬුවම අහෝසි කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසද ඉල්ලා මෙම විශේෂ අභියාචන පෙත්සම හා ඊට අදාළ දිව්රුම් පෙත්සම් හා ලේඛණද ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් ගොනු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!