26.1 C
Galle

වෛද්‍යවරයාගේ මරණයට හේතු කියයි

Published:

කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන (31) කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් හා දීර්ඝකාලීන රෝග තත්ත්වයන් හේතුවෙන් මිය ගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය සමාධි දන්දෙණියආරච්චි පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙම වෛද්‍යවරයා දීර්ඝ කාලයක සිට දියවැඩියාව සහ අධි රුධිර පීඩනයට ද ප්‍රතිකාර ගෙන ඇති බවයි. කෙ‍ාරෝනා ආසාදනය ආසාදනයෙන් අසාධ්‍ය වීම හේතුවෙන් ඔහු කොළඹ අයිඩීඑච් රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

කොරෝනා නිව්මෝනියා හේතුවෙන් ඔහුගේ පෙනහළු ආසාදනයවී කාබන්‍ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුවීමේ දුර්වලතාවක් ඇතිව තිබිණි. මේ සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගන්නා එක්මෝ යන්ත්‍රයේ ආධාරය ද පෙනහළුවල වායු හුවමාරුව සඳහා ලබා දී තිබිණි. එවැනි යන්ත්‍රයක් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි.

අද (02) උදෑසන මියගිය වෛද්‍ය දන්තනාරයනගේ දේහය සම්න්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දේහය සවස 4.00ට ගාල්ල දඩල්ල සුසාන භූමියේ දී නිරෝධායන නීති අනුව ආදාහනය කරන බව ද අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මියගිය වෛද්‍ය දන්තනාරායන මහතාගේ බිරිඳ කොරෝනා ආසාදනය වී සුවය ලබා නිවසේ නිරෝධායනයේ සිටි අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණ අද ‍දහවල් සිය සැමියාගේ දේහය හඳුනාගෙන එයට අවසන් ගෞරව දක්වා දේහය ආදාහනයට කැමැත් ප්‍රකාශ කළාය.

Related articles

Recent articles

error: Content is protected !!