26.1 C
Galle

ගාල්ලේ තවත් කොරෝනා මරණ දෙකක්

Published:

ගාල්ල නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දෙදෙනාම නිවෙස්වල දී මියගොස් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තලාපිටිය තක්කියා පාරේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයකු හා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක‍ොට්ඨාසයේ ගිංතොට කුරුඳුවත්තේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම මරණ දෙකත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේ වුව ද මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයන් ‍මියගොස් ඇත්තේ දෙදෙනකු පමණක් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!