26.1 C
Galle

ගාල්ලේ පවුලක්ම ආසාදිතයි. මහින්ද සවුත්ලන්ඩ්ස් පන්ති දෙකක් වැසේ

Published:

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සිසුවකු හා සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සිසුවියක පාසල් පැමිණ සිටිය දී  කොරෝනා ආසාදිත බව අද (03) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ලේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔවුන්ගේ පියාට සහ ලබුදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මවට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් සෞඛ්‍ය අංශ ගිලන්රථයකින් පාසල් දෙකට යවා එම දරුවන් දෙදෙනා ගෙනගොස් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ.  ඉන් තහවුරු වී ඇත්තේ දරුවන් දෙදෙනා ද කොරෝනා ආසාදිත බවයි.

මහින්ද විද්‍යාලයේ 5 ශේණියේ එම සිසුවා ඉගෙනුම ලැබූ පන්තියේ සිසුන් සියලු දෙනා සහ ආශ්‍රිත වූ ගුරුවරු ද නිරෝධායනයට යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි. මහින්ද විද්‍යාලයේ දැනුම් දීම මත 5 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමාපියන් විසින් සිසු දරුවන් යළි නිවෙස්වලට රැගෙන යාමට කටයුතු කර ඇත.

සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය 8 ශ්‍රේණියේ ශිෂයාවකි. ඇය ඉගෙනුම ලබන පන්තියේ අනෙකුත් සිසුවියන් ද ආශ්‍රිත වූ ගුරුවරුන් ද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දරුවන් දෙදෙනා ඉගෙනුම ලබමින් සිටි පන්තිකාමර විෂබීජහරණය කිරීමට ද සෞඛ්‍ය අශ කටයුතු කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!