26.1 C
Galle

ගාල්ල‍ේ විදුහල්පතිවරු දෙදෙනකුට හොර පාරෙන් කොරෝනා එන්නත් දීලා

Published:

ගාල්ල‍ේ ප්‍රධාන පාසල් දෙකක විදුහල්පතිවරුන්ට කොරෝනා සඳහා ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබාදී ඇතැයි වාර්තා වේ.

එම එන්නත් ලබාදීමේ දී ප්‍රමුඛත්වය දෙන කණ්ඩායම් රජය විසින් මීට පෙර දැනුම් දී තිබූ අතර එහි පළමු අදියරේ දී එන්නත් කරනු ලබන්නේ සෞඛ්‍ය අංශවල සෘජුවම කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධවන පුද්ගලයන්ටය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් දෙවැනි අදියරේ විය.

විද්‍යාලයන්හි විදුහල්පතිවරු මෙහි තුන්වැනි අදියරට හෝ ඇතුළත් නොවූ තත්ත්වයක දී මෙලෙස විදුහල්පතිවරු දෙදෙනකුට කොරෝනා එන්නත් ලබාදුන්නේ කෙසේදැයි සෞඛ්‍ය අංශ ප්‍රශ්න කරති. මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ සඳහා හෝ එන්නත් ලබා දී අවසන්ව නැත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ මෙලෙස විදුහල්පතිවරු දෙදෙනකු එන්නත් කළේනම් එම වෘත්තියට සම්බන්ධ අනෙක් පුදගලයන්ට ද වහාම එන්නත ලබාදිය යුතු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!