26.3 C
Galle

මහජන උපයෝගීතා කොමිසමට අනුමැතිය ලැබේ

Published:

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව ලැබී ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම සභාවේ සභාපතිධූරය සඳහා ජනක රත්නායක හා සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස චතුරිකා විජේසිංහ, මොහාන් සමරනායක, උදේනි වික්‍රමසිංහ සහ මහාචාර්ය ජනක ඒකනායක පත්කිරීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේ දී පාර්ලිමේන්තු සභාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන පිරිස රැස්වූ අවස්ථාවේ දී මෙම සභාවේ සභාපතිවරයා සහ සෙසු සාමාජිකයන්ගේ පත්කිරීම්වලට අනුමැතිය දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!