26.3 C
Galle

කළු ගඟේ වැලි ගොඩදැමීමට යළි අවසර දෙයි ?

Published:

කළු ගඟේ වැලි ගොඩදැමීම සඳහා යළි බලපත්‍ර නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන දෙදෙනාගේ සහභාගීත්වයෙන් ඊයේ (03) පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ. එහි දී කොන්දේසි සහිතව වැලි කැණීමට අවසර දීම සඳහා එකඟ වූ බව පරිසර අමාත්‍යාංශ ප්‍රකාශකයකු පවසයි.

කළු ගඟේ මෝය සිට නාර්තුපාන දක්වා කිලෝ මීටර 14ක් පමණ දුරකට වැලි කැපීම තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබිණි. මෙවැනි තහනමක් පනවන ලද්ද් මෙම ප්‍රදේශයේ ගංඟා ජලයට මුහුදු ජලය එකතුවීමෙන් පානීය ජලය සැපයීමේ දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.

පරිසර අමාත්‍යාංශය පවසන්නේ එලෙස වැලි ගොඩදැමීම තහනම් කර තිබීම හේතුවෙන් වැලි ගොඩදැමීමෙන් යැපුණු පවුල් රැසක් පීඩාවට පත්ව සිටි බවයි.

Related articles

Recent articles

error: Content is protected !!