26.3 C
Galle

දකුණු පළාතෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 84ක්

Published:

දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2940ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1570ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1046ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 324ක් වශයෙන් එම පිරිස වාර්තා වී ඇත.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ ඊයේ (04) දිනයේ දකුණු පළාතෙන් අලුතින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 84 දෙනකු වාර්තා වූ බවයි. එය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 60ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 20ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 04ක් වශයෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අලුතින් වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් 17ක් අක්මීමණ කොට්ඨාසයෙන් වාර්තා වන අතර 13දෙනකු කරන්දෙණියෙන් ද 09 දෙනකු තවලම කොට්ඨාසයෙන් ද 08 දෙනකු හබරාදුවෙන් ද 06 දෙනකු ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද 04 දෙනකු යක්කලමුල්ලෙන් ද 03 දෙනකු බද්දේගමින් ද වාර්තා වී ඇතැයි තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

මාතර දිස්ක්‍රික්කයේ අලුතින් වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් 08දෙනකු මාතර නගර සභා බල ප්‍රදේශයෙන් ද 07 දෙනකු දෙවිනුවරින්ද 03 දෙනකු කඹුරුපිටියෙන් ද මාලිම්බඩ හා වැලිගමින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් වාර්තා වී ඇති ආසාදිතයින් 04දෙනාගෙන් තිදෙනකු අම්බලන්තොට බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එක් අයෙකු බෙලිඅත්තෙන් වාර්තා වේ.

තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට දකුණු පළාතේ ආසාදිතයින්ගෙන් 1907 දෙනකු සුවය ලබා ඇති බවයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්ගත කර සිටි 1058 දෙනකු සුවය ලබා ආපසු නිවෙස්වලට පැමිණ ඇත. මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ පිරිස 648ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 201 දෙනෙකි.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දකුනු පළාතේ පීසීආර් පරීක්ෂණ 88,331ක් සිදුකර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුකර තිබෙන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 40,165කි. මාතර දිස්ත්‍රික්කයේ 27,539ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පීසීආර් පරීක්ෂණ 20,577ක් සිදුකර තිබේ.

දකුණු පළාතේ පවුල් 3146ක පුද්ගලයෝ 7424 දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇතැයි කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1639ක පුද්ගලයින් 3154 දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 993ක පුද්ගලයින් 3461 දෙනකු ද හම්බන්තොට ඉදිස්ත්‍රික්කයේ පවුල් 514ක පුද්ගලයින් 809 දෙනකු ද නිරෝධායනයට ලක්කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!