26.3 C
Galle

අවහිර වී තිබූ .lk වෙබ් අඩවි යළි යථා තත්ත්වයට

Published:

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අද (06) උදෑසන අවහිර වී තිබූ වෙබ් අඩවි මේ වනවිට යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව මහාචාර්ය ගිහාන් ඩයස් පවසයි. .lk නාමය ඔස්සේ පවත්වාගෙන ගිය වෙබ් අඩවි කිහිපයක් මෙලෙස අවහිර වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය ඩයස් මෙසේ ද කීවේය.

“අද උදේ පාන්දරම අපේ LK ඩොමෙන් රෙජිස්ට්‍රි එකේ ලියාපදිංචි වෙලා තිබුණු ඩොමේන් කිහිපයකට ගැටලුවක් වෙලා තිබුණා. අපි වහාම ක්‍රියාත්මකවෙලා ඒ ගැන සොයා බැලුවා. ඒවා වෙනස් කරලා තිබුණා. අපි ඒවා මේ වනවිට පෙර තිබුණු ආකාරයටම සකස් කරලා තියෙන්නෙ. මේක සිදුවූ ආකාරය ගැන අපි දැන් සොයාගෙන යනවා. ඒ ගැන සොයාගත් වහාම නිසි පියවර ගන්නවා.” 

Related articles

Recent articles

error: Content is protected !!