26.3 C
Galle

අම්බලන්ගොඩ කාන්තාවක් නිරෝධායන නීති කඩයි. පාසල් දරුවන් නිරෝධායනයට

Published:

නිරෝධායන නීති කැඩූ කාන්තාවක් හේතුවෙන් අම්බලන්ගොඩ පාසල් දරුවන් පෙර පාසල් දරුවන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවක සේවිකාවන් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස නිරෝධායන නීති උල්ලංඝනය කර ඇත්තේ අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරත නිලධාරිනියකි. ස්වයං නිරෝධායනයට යොමුකර සිටි ඇය එය නොතකා සේවයට වාර්තා කර ඇති අතර තම දරුවන් ‍ද පාසල් යවා ඇත. එක් දරුවකු අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර අනෙක් දරුවා පෙර පාසලක ඉගෙනුම ලබයි.

එම කාන්තාව සහ දරුවන් දෙදෙනාම කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙම දරුවන් ඉගෙනුම ලැබූ කුලරතන විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දරුවන් 15 දෙනකු, පෙර පාසලේ සිසු දරුවන් 20 දෙනකු, ගුරුවරු 03 දෙනකු සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවක සේවිකාවන් 07 දෙනකු නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!