26.3 C
Galle

බූස්සේ ‍නිවෙස් දෙකකින් අභිරහස් මරණ දෙකක්

Published:

බූස්සේ එකම ගමක නිවාස දෙකක තිබී කාන්තා සහ පිරිමි මළ සිරුරු දෙකක් අද (06) හමුවූ බව රත්ගම පොලිසිය පවසයි.

මළ සිරුරු දෙක හමුවී ඇත්තේ බූස්සේ රුපීවල ගම්මානයෙනි. එක් පාලු නිවසක තිබී 32 හැවිරිදි පිරිමි පුද්ගලයකු මියගොස් සිටිය දී සොයාගෙන ඇත. පෙදරේරුවකු වන ඔහුගේ සිරුරේ තුවාල කිහිපයක් දක්නට තිබූ ‍බවත් පොලිසිය පවසයි. එම පුද්ගලයා මිහිදුකුලසූරිය නුවන් පින්තු නමින් හඳුනාගෙන ඇත.

මියගොස් සිටි කාන්තාවගේ සිරුර ඇය පදිංචි නිවසේ තිබී සොයාගෙන තිබේ. 75 හැවිරිදි එම කාන්තාව නිවසේ තනියම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.
ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම අද (06) සවස මෘත ශරීර සම්බන්ධ මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දේහයන් දෙකම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවීමට පොලිසියට නියෝග කළේය. මේ සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!