25.3 C
Galle

වයස්ගතම කොරෝනා මරණය ගාල්ලෙන්

Published:

ශ්‍රී ලංකාවේ වයස්ගතම කොරෝනා මරණය අද (07) ගාල්ලෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල පීටර් කිරිංගොඩ මාවතේ පදිංචි වයස අවුරුදු 102ක් වූ තිදරු මවකි.

රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පවසන්නේ ඇය ඊයේ (06) නිවසේ දී මියයාමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට දේහය ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයැයි තහවුරු වී ඇති බවයි.

මෙය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ 19 වැනි කොරෝනා මරණයයි.

Related articles

Recent articles

error: Content is protected !!