31.1 C
Galle

ශ්‍රී ලංකාවට අවදානම් තැනක ප්‍රබල භූ කම්පනයක්

Published:

ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේ නැගෙනහිර මායිමේ ශ්‍රී ලංකාව දෙසින් මහ මුහුදේ මීට සුළු වේලාවකට පෙර රිච්ටර් මාපක 6.2ක භූමි කම්පාවක් සිදුව තිබේ.

මෙය සිදුව ඇත්තේ සුමාත්‍රා දූපතේ බෙන්කුලා නගරයට කිලෝ මීටර 217ක් දුරිනි. එහි අපි කේන්ද්‍රය පිහිටා ඇත්තේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරිනි.

මෙම භූමිකම්පාව සිදුවීමට පෙර ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේ නැගෙනහිර මායිමේ ම ඕස්ට්‍රේලියාවට නැගෙනහිර දෙසින් පැයක පමණ කාලයක් ඇතුළත පිළිවෙලින් රිච්ටර් මාපක 6.0, 5.7, 6.1 හා 7.9ක් වශයෙන් භූමි කම්පා හතරක් සිදුව ඇත.

මේ අනුව පෙනී යන්නේ ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටිය කම්පනය වීම ආරම්භ වී ඇති බවයි. ඕස්ට්‍රේලියාවට නැගෙනහිර කොටසේ ඇතිවූ භූ තැටි කම්පනය හේතුවෙන් මේ වනවිට ඉන්දුනීසියාව ආසන්නයෙන් දිවෙන තැටි මායිම ද කම්පනය වීම ආරම්භ වී තිබේ. සිදුවන මේ කම්පනය නැවත නිශ්චලවීම සඳහා භූ කම්පන මාලාවක් සිදුවීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

මෙහි දී ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් ඇති බව පෙනී යයි. ශ්‍රී ලකාව දෙසින් මුහුදේ කිලෝ මීටර 10ක් පඹණ ගැඹුරින් අපි කේන්ද්‍රය පිහිටමින් භූ කම්පන ආරම්භවීම යනු ඉතාමත් අවදානම් සහගත තත්ත්වයකි. සාමන්‍ය භූමිකම්පා සංසිද්ධිය අනුව අඩු කම්පනයක සිට වැඩි කම්පනයක් දක්වා කම්පන මාලාවක් හටගෙන යළි එය අඩු වී යාම සිදුවේ. ඉදිරියේ දී මෙවැනි අඩු ගැඹුරක අපි කේන්ද්‍රය පිහිටමින් රිච්ටර් මාපකයේ 7.9 ඉක්මවූ භූමිකම්පාවක් සිදුවුවහොත් එය සුනාමි තත්ත්වයක් ඇතිකිරීමට හේතුවන අතරම භූමිකම්පාව දැනට සිදුව ඇති ස්ථානය අනුව එහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවට එල්ලවනු ඇත.  එබැවින් ඉදිරි දින කිහිපයේ මේ කලාපයේ සිදුවිය හැකි භූමිකම්පා පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.

සුමාත්‍රා දූපත් අසළ භූමිකම්පාව සිදුවූ ස්ථානය රතු පැහැයෙන්
ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේ නැගෙනහිර දෙසින් භූමි කම්පා හතරක් සිදුවූ ස්ථානය රතු පැහැයෙන්

Related articles

Recent articles

error: Content is protected !!