31.1 C
Galle

රිලවුන් අතරට ලාදුරු රෝගය

Published:

ලාදුරු රෝගය සෑදුණු රිලවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ දී සොයාගෙන ඇතැයි මොණරාගල ලාදුරු මර්ධන ඒකකය පවසයි.

පසුගිය 08 වැනිදා ඇතිමලේ ගම්වැසියන් විසින් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ රිලවකු වනජීවී නිලධාරීන්ට භාර දී ඇති අතර මෙම රිලවාගේ සිරුර ලාදුරු රෝගියකුගේ මෙන් දිස්වීම හේතුවෙන් ඒ පිළිබඳ ලාදුරු මර්ධන ඒකකයට දැනුම් දී තිබේ. වනජීවී නිලධාරීන් පවසන්නේ මේ රිලවා මියගිය බවයි.

ලාදුරු මර්ධන ඒකකය මගින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ මෙම රිලවාට ලාදුරු වැළඳී ඇති බවයි. කෙසේ වෙතත් එම රිලවාගේ සිරුරේ කොටස් කොළඹ ලාදුරු මර්ධන ඒකකය වෙත යැවීමට ද කටයුතු කර තිබේ.

ලාදුරු මර්ධන ඒකකයේ නිලධාරීන් පවසන්නේ ‍මෙම රිලවා සොයාගත් ප්‍රදේශයේ අනෙකුත් රිලවුන් අතර ද ලාදුරු රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!