31.1 C
Galle

ගාල්ලේ 22 වැනි කොරෝනා මරණය තල්ගම්පලින්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, තල්ගම්පල පදිංචි 85 හැවිරිදි කාන්තාවක්  කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

ඊයේ (10) සවස රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන එමින් සිටින අතරමඟ දී ඇය මියගොස් ඇති අතර පවුලේ ඥාතීන් විසින් දේහය රෝහලට නොගෙනවිත් යළි නිවසට ගෙනගොස් ඇත. මරණය පිළිබඳ ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පීසීආර් පරීක්ෂණයක් සඳහා මළ සිරුර යළි කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට එවා තිබිණි.

එම සිරුරෙන් ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (11) උදෑසන ලැබී තිබූ අතර ඉන් තහවුරු වී ඇත්තේ එම 85 හැවිරිදි කාන්තාව මියයනවිට කොරෝනා ආසාදනය වී සිටි බවයි.

මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ 22 වැනි කොරෝනා මරණයයි.

Related articles

Recent articles

error: Content is protected !!