31.1 C
Galle

බැඳුම්කර චෝදනා විභාගයට විනිසුරු මඬුල්ලක් පත්කරන්න යැයි ඉල්ලීමක්

Published:

මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ දස දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්න යැයි නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

හිටපු අමාත්‍ය රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් සහ තවත් 08 දෙනකු චෝදනා ලැබ සිටියි. 2016 මාර්තු මාසයේ දී බැඳුම්කර නිකුතුව සිදුවිය. එහි දී රුපියල් බිලියන 51ට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා ඔවුන්ට එල්ලවී තිබේ. මෙම නඩුවේ විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි. ඒ අනුව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා අදාළ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!