31.1 C
Galle

අලව්ව නගරය දින තුනකට වසා දමයි

Published:

අලව්ව නගරයේ සියලු වෙළෙඳ සැල් හෙට (12) සිට දින තුනක කාලයක් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කර තිබේ. වෙළෙද සැල් හිමියන් විසින් සෞඛ්‍ය අංශයෙන් කරන ලද ඉල්ලීමක් මත හෙට උදෑසන සිට වෙළඳ සැල් හිමියන්ට සහ සේවකයන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරන බැවින් මෙම තීරණය ගෙන ඇත.

තමන්ගේ සහ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම PCR පරීක්ෂණ සිදුකොට අදාළ වාර්තා ලබා දෙන තෙක් වෙළෙඳ සැල් සියල්ල වසා දමන බවත් මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්වන අසීරුතාව පිළිබඳ කණගාටුවන බවත් ඔවුන්ගේ ආරක්ෂාවට ද මෙම තීරණය වැදගත් බවත් වෙළෙඳ සංගමය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!