31.1 C
Galle

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා වයිරසයේ එංගලන්ත ප්‍රබේදය හමුවෙයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපය මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින්නේ කොරෝනා වයිරසයේ බ්‍රිතාන්‍ය නව ප්‍ර‍භේදය වූ B 1.1.7 බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම ප්‍රදේශවලින් හඳුනාගත් ආශ්‍රිතයන් කිහිප දෙනකුගෙන් ලබාගත් වයිරස සාම්පල යොදා ගනිමින් කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරු කරගෙන ඇත. මෙම වයිරස ප්‍රබේදය මීට පෙර පළමු වරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ මෙරට සංචාරයට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුගෙනි. නමුත් සෞඛ්‍ය අංශ කියා සිටියේ එම ක්‍රිඩකයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ආසාදිත වී සිටින්නට ඇති බව ස්ථිර අතර ඔහුගෙන් මෙරට ජන සමාජයට එම වයිරස ප්‍රබේදය පැතිරීමට ඉඩක් නොමැති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!