31.1 C
Galle

තජිකිස්තානයේ හා ජපානය අසළ මුහුදේ භූමිකම්පා දෙකක්

Published:

තජිකිස්තානයේ රිච්ටර් මාපකයේ ඒකක් 6.3ක භූමිකම්පාවක් අද (13) සවස මීට සුළු වේලාවකට පෙර සිදුව ඇත. මෙහි කම්පනය උතුරු ඉන්දියාවට හොඳින්ම දැනී ඇති අතර දිල්ලි නගරයේ ද ගොඩනැගිලි දෙදරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.

මෙම සටහන තබමින් සිටින මොහොතේ ජපානයේ කත්සුරා නගරයට කිලෝ මීටර 205ක් දුරින් මුහුදේ රිච්ටර් මාපක 4.4ක භූමිකම්පාවක් සිදුව ඇත.

මෙලෙස දැනට දින කිහිපයක සිට දිගින් දිගටම භූමිකම්පා සිදුවෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව ද පිහිටා ඇති ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේය.

Related articles

Recent articles

error: Content is protected !!