29.5 C
Galle

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

කොරෝනා ආසාදිත පුද්ලගයන් 796 දෙනකු ඊයේ (13) දිනයේ දී අලුතෙන් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 280කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 128ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 91 දෙනකු වාර්තා වී ඇත.

මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 74,852කි. ඉන් 67,831ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,631 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 390ක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

ඊයේ දින අලුතින් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

කොළඹ – 280
ගම්පහ – 128
මහනුවර – 91
කළුතර – 59
රත්නපුර  – 42
කුරුණෑගල – 40
ගාල්ල – 22
අනුරාධපුර – 20
හම්බන්තොට – 19
කෑගල්ල – 19
පුත්තලම – 17
අම්පාර – 15
මාතර  – 10
මොනරාගල – 07
බදුල්ල – 07
යාපනය – 05
නුවරඑළිය – 04
ත්‍රීකුණාමලය – 03
කිලිනොච්චිය 03
පොළොන්නරුව – 02
මාතලේ – 02
වවුනියාව – 01

Related articles

Recent articles

error: Content is protected !!