29.5 C
Galle

රට වසා දමනවා දැයි තීරණය කරන්නේ විශේෂඥ මතය අනුව

Published:

වේගයෙන් පැතිරයන කොරෝනා නව ප්‍රභේදය පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් අලුත් තත්ත්වයට මුහුණ දෙමින් නව සාමාන්‍ය ක්‍රමය පවත්වාගෙන යාමට තවදුරටත් කටයුතු කරන බවත්  ප්‍රාථමික සෞඛය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු පවසනනේ දැනට රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. එසේ වුව ද විශේෂඥයන් සමග දිනපතා සාකච්ඡා කරන බවත් ඔවුන්ගේ නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

දිනපතා අපි සාකච්ඡා කරමින් යනවා. අලුත් තත්ත්වයන්ට කොහොමද මුහුණ දෙන්නේ කියන කරුණු ගැන. හැබැයි ඒ වෛරසයටත් මේ කොරෝනා එන්නත සාර්ථක ආවරණයක් දෙනවා කියලා තමයි දැනට තියෙන සෞඛ්‍ය මතය. දිගින් දිගටම මේ වෛරසය ප්‍රශ්නයක් වෙනවා නම් විතරයි අපි වෙන වෙන ක්‍රියාමාර්ගවලට යන්නේ. දැනට කරන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරේ රෝගීන් වෙන්කර තබා ගැනීම. ආවට ගියාට රට වසා දැමීම කළ නොහැකියි.” යනුවෙන්  විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!