29.5 C
Galle

නැවත දන්වනතුරු පාසල් උත්සව සියල්ල තහනම්

Published:

කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම වහාම නවතා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සියලුම අධ්‍යාපන අධයක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

වසංගත තත්ත්වයක් තිබිය දී පවා ඇතැම් පාසල්වල විවිධ උත්සව සංවිධානය කරමින් වතින බවට තොරතුරු ලැබීම හේතුවෙන් මෙවැනි නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු සියලු පාසල්වල කිසිදු ආකාරයක උත්සවයක් නොපවත්වන ලෙස ද දැනුම් දී ඇත. මෙම නියෝගය පිරිවෙන් සඳහා ද අදාලවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දැනට සංවිධානය කර ඇති උත්සව ද නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!