29.5 C
Galle

කොළඹින්, කොරෝනා විකෘති ප්‍රබේදයක් හමුවෙයි

Published:

කොළඹ නගරයේ පදිංචි කොරෝනා ආසාදිතයන් දෙදෙනකුගෙන් කොවිඩ් – 19 වයිරසයේ විකෘති ප්‍රබේදයක් හඳුනාගෙන ඇති කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ‍රුවන් විජයමුණි පවසයි.

වෛද්‍ය විජයමුණි පවසන්නේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර සිටින්නේ නම් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව කොලඹ නගරයේ රෝගීන් දෙදෙනකුගේ රුධිර පරීක්ෂණවලින් කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මේ වනවිට කොරෝනා දෙවැනි රැල්ල පාලනය කර තිබුණත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහොත් තුන්වැනි රැල්ලක් ඇතිවීම වැළැක්වීම අමාරු වේවි.”

Related articles

Recent articles

error: Content is protected !!