28.9 C
Galle

මධ්‍යම පළාතේ කොරෝනා මරණ 70කට වඩා රජයෙන් වසන් කරලා

Published:

මධ්‍යම පළාතේ සිදුව ඇති කොරෝනා ආසාදිත මරණවලින් 70ක් පඹණ මේ දක්වා රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතැයි ඊයේ (16) මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ රැස්වීමක දී අනාවරණය විය.

මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා මරණ 50ක් පමණ සිදුව ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ මරණ 13ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 12ක් වාර්තා වී තිබේ. නමුත් එම මරණ 75කට වැඩි ප්‍රමාණයක් අතරින් මරණ 70ක් පමණ මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර නැත.

මධ්‍යම පළාතේ කොරෝනා සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන තත්ත්වයක් තුළ මෙලෙස මරණ පිළිබඳ නිවැරදි තොරතුරු සමාජයට නොදීමෙන් ජනතාව මේ වසංගතයේ බැරෑරුම් තත්ත්වය තේරුම් නොගන්නා බව ද එහි දී සාකච්ඡාවට බඳුන්විය.

එබැවින් සත්‍ය තොරතුරු ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුකිළ යුතු බවත් ජනතාව පොදු ප්‍රවාහන සේවා සහ පොදු ස්ථාන භාවිතා කිරීමේදී මීට වඩා ආරක්ෂාවීමට එලෙස සත්‍ය තොරතුරු සමාජගතවීම වැදගත් බවත් අවධාරණය කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!