28.9 C
Galle

ප්‍රතිශක්තීකරණ එන්නත ගත් මාස 04 බිළිඳිය කොරෝනා නිසා මියයයි

Published:

උණ වැළඳී රෝහල්ගත කර සිටි මාස 04ක් වයසැති බිළිඳියක කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහල් ආරංචිමාර්ග පවසයි.

පසුගිය 12 වැනි දා එම දැරියට ලබාදිය යුතු ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමෙන් පසු උණ වැළඳීම හේතුවෙන් ඊට පසුදින රෝහල්ගත කර තිබිණි. රෝහලේ දී ඇය මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තාව ඊයේ (16) ලැබී ඇති අතර ඉන් තහවරු වී ඇත්තේ මෙම දැරිය කොරෝනා ආසාදිත බවයි. ඇය නුගවෙල පදිංචි යුවළකගේ දියණියකි.

Related articles

Recent articles

error: Content is protected !!