නිවසේ නිරෝධායනයට යොමුකර සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි දැනගත් වහාම නිවසින් බැහැරව ගොස් පැය ගණනක් සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටින බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සවස 6.00 වනතුරුම සොයාගත නොහැකි වූ බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එසේ වුව ද නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින මේ විදුහල්තිවරයා සහ ඔහුගේ හිතවතුන් මාධ්‍ය ආයතන වෙත දුරකථන ඇමතුම් දෙමින් පවසන්නේ ඔහු නිවසේ සිටින බවයි. නිවසින් පළා ගොස් සෞඛ්‍ය අංශ මඟහැර සිටින විදුහල්පතිවරයා තම ෆේස්බුක් පිටුවේ ද අද සවස 4.41 තම facebook පිටුවේ සටහනක් දමමින් පවසා ඇත්තේ තමන් නිවසේ රැඳී සිටින බවයි. නමුත් 4.45ට ද ඔහු නිවසේ නොසිටි බව එම නිවස අසළ සිටි මහජන සෞඛය පරීක්ෂකවරු පවසති.
බද්දේගම කොට්ටාස අධයාපන අධ්‍යක්ෂවරයා ද සෞඛ්‍ය බලධාරියකුට දුරකථන ඇමතුක් දී පවසා ඇත්තේ දැන් මෙම විදුහල්පතිවරයා සිය නිවසට ගොස් ඇති බවයි. එම පණිවිඩය අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිට කිලෝ මීටර 1.5ක් දුරින් පිහිටි විදුහල්පතිවරයාගේ නිවසට සවස 5.30ට ගොස් ඇතත් ඒ වනවිට ද ඔහු නිවසේ සිට නැත. ඒ අනුව බද්දේගම කොට්ඨාස අධ්‍යාපන අධයක්ෂවරයා විසින් ලබාදුන් තොරතුර ද අසත්‍යයක් වී තිබිණි.
විදුහල්පතිවරයාගේ නිවසේ කිසිවෙකු නොසිටි බැවින් නිවස ඉදිරිපිට නිරෝධායන දැන්වීමක් අළවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.
ඉන් අනතුරුව අද සවස 6.20ට පමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඇමතුමක් දුන් අදාල ප්‍රශ්නගත විදුහල්පතිවරයා තමන් දැන් නිවසට පැමිණ සිටින බවත් තමන්ට පුද්ගලික ස්ථානයකට ගොස් නිරෝධායනය වීමට ඉඩ සළස්වා දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය පවසන්නේ යළි එම නිවසට ගොස් අදාල ප්‍රශ්නගත විදුහලපතිවරයා පළමු භාරගෙන ඉන් පසු ඔහු යොමුකරන ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳ තීරණය කරන බවයි.
කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රියකුබව හඳුනාගැනීමෙන් පසු සඳුදා (15) පීසීආර් පරීක්ෂණයකට ලක්වූ අදාල විදුහල්පතිවරයා නිරෝධායන නීති නොතකා රිච්මන්ඩ් විද්‍යාලය ඇතුළු විවිධ ස්ථානවලට ගොස් ඇති බව තහවුරු වී තිබේ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. එමෙන්ම අද (17) උදෑසන ඔහු ආසාදිත බව දැනුම්දුන් වහාම නිවසින් පළා ගොස් තිබිණි.
සෞඛ්‍ය අංශ පවසන්නේ නිරෝධායනට යොමුකර සිටි විදුහල්පතිවරයා නිරෝදායනය නීති උල්ලංඝනය කරතිබීමත් ආසාදිත බව දැන දැනම සෞඛ්‍ය අංශ මඟ හරිමින් පැය ගණනක් නිවසින් පළාගොස් තිබීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.




