කොරෝනා ආසාදිත බව දැනගත් මොහොතේ සිට සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටි ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඔහුගේ ගෝනාපීනුවල පිහිටි නිවසට අද (17) සවස 6.20 ට පමණ පැමිණ තමන් හා සම්බන්ධ වූ බව ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සවස 1.00 සිට ඔහු නිවසේ නොසිටි බවත් සවස 5.30 දක්වා විදුහල්පතිවරයා ඇතුළු පවුලේ අය නිවසට නොපැමිණි බැවින් නිවස ඉදිරිපිට නිරෝදායන දැන්වීමක් සවිකර පැමිණි බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඉන් පසු විදුහල්පතිවරයා 6.20ට පමණ තමන් නිවසේ සිටින බවට දුරකථන ඇමතුමක් දී සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ වී ඇත. සවස 6.20 වනතුරු සෞඛ්‍ය අංශ හා සම්බන්ධ නොවූ විදුහල්පතිවරයා තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් නිවසේ රැඳී සිටින බවට අසත්‍ය තොරතුරු සමාජගත කර තිබූ බව ද මහජන පරීක්ෂකවරු කීහ.
විදුහල්පතිවරයා රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කිරීමේ දී ඔහු රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යාමට නොහැකි බවත් පුද්ගලික ස්ථානයකට යා යුතු බවත් පවසා ඇති බැවින් ඔහු මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කර ඇති ක්‍රියාවන්හි වරද සහ බරපතල බව පෙන්වා දී හෙට (18) දිනය දක්වා නිවසේ රැඳී සිටින්නයැයි උපදෙස් දුන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.
විදුහල්පතිවරයා පසුගිය සඳුදා (15) පීසීආර් පරීක්ෂණයකට ලක්වී ඇති අතර ඔහුට බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් උපදෙස් ලබා දී ඇත්තේ නිවසේ ම රැඳී සිටින ලෙසයි. පවුලේ සියලු දෙනාම නිවසේ සිටිය යුතු බවයි. නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ විදුහල්පතිවරයා දිගින් දිගටම නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බවයි.
සඳුදා ඔහු පීසීආර් පරීක්ෂණ සිදුකර නිවසේ නිරෝධායනයේ සිටිය යුතු වුව ද පාසලේ රැඳී සිටි බව එම විදුහලේ ගුරුවරුම සනාථ කරයි. සවස ගාල්ලේ සිට පාසල් නිල ඇඳුම් රැගෙන ආ අවස්ථාව වනවිට ද විදුහල්පතිවරයා සිය කාර්යාලයේ රැඳී සිටියේය.
දැනට අනාවරණය වී ඇති තොරුතරු අනුව විදුහල්පතිවරයා ඊයේ (16) දිනයේ දී ද නිවසේ රැඳී සිට නැත. අද (16) උදෑසන පීසීආර් ප්‍රතිඵල ලැබී ඇති අතර උදේ 11.00 ත් 12.00ත් අතර කාලයේ දී ඔහු ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශවිසින් දැනුම් දී පවසා ඇත්තේ පවුලේ සාමාජිකයන් නිවසේ නිරෝධානයට කරන බවත් ඔහු ප්‍රතිකාර මධයස්ථානයකට යවන බවත්ය. ඉන් පසු ඔහු සෞඛ්‍ය අංශ මඟහැර ගොස් තිබිණි.
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ විදුහල්පතිවරයා නිරෝධායනය සඳහා යොමුකර තිබුණේ ගෝනාපීනුවල නිවසේ බවයි. ඒ අනුව ඔහු එම නිවසේ නිරෝධායනය නොවී සෞඛ්‍ය අංශ මඟහැර යාම නිරෝධායන පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු කියති.
මේ වනවිට විදුහල්පතිවරයා සමඟ ආශ්‍රිත බව හඳුනාගත් ගුරුවරු 60ක පමණ පිරිසක් නිරෝධායනටයට යොමුකර තිබේ. හෙට (18) දිනයේ දී බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ ගුරුරවරු පිරිසක්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා අහඹු ලෙස තෝරාගන්නා සිසු පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු සැළසුම් කර ඇත.


