27 C
Galle

කැස්බෑව අධිකරණය තාවකාලිකව වසා දමයි

Published:

නීතිඥ අඹුසැමි දෙදෙනාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කැස්බෑව අධිකරණයේ සාමාන්‍ය රාජකාරී කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය අද (18) කීවාය.

හදිසි හා අත්‍යවශ්‍ය සේවා කටයුතු පමණක්  සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමට උපදෙස් දී ඇති අතර සාමාන්‍ය සේවා කටයුතු මෙසේ  තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ආසාදිත වූ මෙම අඹුසැමි යුවළ අවසන් වරට අධිකරණයට පැමිණ ඇත්තේ ඉකුත් 11 දිනයේ දී ය. ඔවුන්‍ දෙදෙනාගේ ආශ්‍රිතයන් වී තිබූ  නීතිඥවරු ඇතුළු කාර්යමණ්ඩලයේ විසිදෙනකු 20 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර අධිකරණ භූමිය මේ වන විට සම්පූර්ණ විෂබීජහරණයට ලක් කර ඇති බව බවත් වෛද්‍ය සමන්තිකා විජේසුන්දර කීවාය.

Related articles

Recent articles

error: Content is protected !!