27 C
Galle

ගාල්ලේ පාසලක පන්ති දෙකක් වසා දමයි

Published:

ගාල්ල කලේගාන පියතිස්ස විද්‍යාලයේ පන්තිකාමර දෙකක් අද (19) වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස වසා දමා ඇත්තේ 01 වැනි ශ්‍රේණිය හා 05 වැනි ශ්‍රේණි දෙකකි.

එම පන්ති දෙකෙහි ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුගේ පියා කොරෝනා ආසාදිතවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ආසාදිත ඔහු මාතර යටියන ප්‍රදේශයේ රජයේ කාර්යාලයක නිලධාරියෙකි. අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහු ආසාදිත බව තහවුරු වී ඇත. ඒ පිළිබඳ පියතිස්ස විද්‍යාලයට දැනුම් දී ඇත්තේ ඊයේ (18) සවස බවත්, එම දරුවන් දෙදෙනා පෙරේදා (17) පාසලට පැමිණ ඇති බැවින් අද (19) පාසලට පැමිණි එම පන්ති‍ දෙකෙහි සිසුන් ආපසු හරවා යැවූ බව ද විදුහලේ ප්‍රකාශකයකු කීවේය.

පන්ති දෙකෙහි ගුරුවරුන් සහ එම දරුවන් දෙදෙනාගේ ආශ්‍රිතයන් වූ අනෙක් සිසු සිසුවියන්ට ද නිවෙස්වලම සිටින ලෙස උපදෙස් ලබා දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!