27 C
Galle

හෝර්ටන් තැන්නේ කූඩාරම් ඇටවූ පිරිසට දුන් දඬුවම

Published:

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නීතිවිරෝධී ලෙස කූඩාරමක් සකස් කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා නියෝග කළේය.
 
එක් අයෙකුට රුපියල් 20,000 බැගින් මෙලෙස දඩ නියම වුයේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුටය.
 
මෙම සැකකරුවන්  තිදෙනා  අනවසරයෙන් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන් බහුලව ගැවසෙන  සංවේදී පරිසර කලාපයක් ආශ්‍රීතව නීති විරෝධි ලෙස කූඩාරමක් අටවා ගෙන සිටි බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී.පී. දයාරත්න මහතා කරුණු දක්වමින් අධිකරණය  හමුවේ පැවැසීය.
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වන සත්ත්ව නියාමක රුක්ෂාන්, කේෂ්ත්‍ර සහායක යෝගචන්ද්‍රන් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!