27 C
Galle

රජය නිකුත් කරන කොරෝනා මරණ සංඛ්‍යා වැරදි බව PHI සංගමය කියයි

Published:

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් නිකුත්කර ඇති කොරෝනා මරණ සංඛ්‍යාව අතර පරස්පරයක් පවතින බව මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

ගම් මට්ටමින් මියයන කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු නිරෝධායන නීතිය අනුව ආදාහනය කරන අතර එසේ මියයන පුද්ගලයන් පිළිබඳ වාර්තා නොකිරීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල දී මියයන පුද්ගලයන්ගේ ඥාතීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමඟ ගැටලු ඇතිකරගන්නා අවස්ථා ද තිබෙන බව හෙතෙම පෙන්වාදෙයි.

මධ්‍යම පළාත් සෞඛය අමාත්‍යාංශය පවසන්නේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක තුනේ පමණක් මේ වනවිට සිදුව ඇති කොරෝනා මරණ අතරින් 70ක් රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තාකර නොමැති බවයි. දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තෙට දිස්ත්‍රික්කවලින් ද කොරෝනා මරණ 30ට වැඩි ප්‍රමාණයක් මෙතෙක් වාර්තා කර නැත.

Related articles

Recent articles

error: Content is protected !!