26.4 C
Galle

විවාහ උත්සව සඳහා සීමා දැඩි කිරීම අකුළාගනී

Published:

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා විවාහ උත්සවවලට අමුත්තන් සීමාව 150 සිට 50 දක්වා අඩුකිරීමට ගෙන තිබූ යෝජනාව අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොරෝනා රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

වේගයෙන් පැතිරෙන නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවීම හේතුවෙන් විවාහ මංගල උත්සව උපරිම 50ක පිරිසකට සීමා කිරීම සඳහා සෞඛ්‍ය අංශ යෝජනා කර තිබුණ ද අමාත්‍යවරිය පවසන්නේ එවැනි උත්සව සමඟ බොහෝ වෘත්තීය කණ්ඩායම් බැඳී සිටින බැවින් ඔවුන්ගෙන් පැමිණි ඉල්ලීම් සළකා බලා එවැනි සීමාවක් නොකීරමට තීරණය කළ බවයි. බොහෝ දෙනකුගේ ජීවනෝපාය විවිහා මංගල උත්සව හා බැඳී පැවතීම හේතුවෙන් සමාජ ආර්ථිකය සැළකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් ගෙන ඇතත් එය ඕනෑම වේලාවක වෙනස් විය හැකි බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

සෞඛ්‍ය අංශ පවසන්නේ විවාහ මංගල උත්සව සහ සාද කොරෝනා රෝගය බෝවන ප්‍රධාන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!