26.4 C
Galle

ගාල්ලේ නිවසක සිටි 92 හැවිරිදි කාන්තාවක් කොරෝනා සෑදී මියයයි

Published:

ගාල්ලෙන් තවත් කොරොනා මරණයක් අද (22) වාර්තා වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදකීඹිය පදිංචිව සිටි 92 හැවිරිදි කාන්තාවකි. අද (22) නිවසේ දී මියගිය එම කාන්තාවගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිතව සිටි බව තහවුරු වී තිබේ.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කෙරෝනා මරණ සංඛයාව 28ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බවට වාර්තා වූ දෙවැනි මරණය මෙයයි.

Related articles

Recent articles

error: Content is protected !!