හබරාදුව කබලාන ප්‍රදේශයේ දී අද (22) සවස යතුරුපැදියක් දුම්රියේ වැදීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හේෂාන් අර්චන නමැති 21 හැවිරිදි තරුණයෙකි. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සහ මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු යතුරුපැදියේ ගමන්කර දුම්රිය හරස්පාරේ දී සිය යතුරුපැදිය නවතාගෙන සිටි බව ද අනතුර ඇසින්දුටු අය පවසා ඇත. නමුත් එකවරම ඔහුගේ යතුරුපැදිය වේගයෙන් ඉදිරියට ගොස් දුම්රියේ අවසන් මැදිරියේ ගැටුණු බව ද ඔවුහු කියති. පොලිසිය පවසන්නේ අනතුර සිදුවූ ස්ථානයේ ම ඔහු මියගොස් සිටි බවයි.
මියගිය තරුණයාගේ පියාවන පණ්ඩුල චන්ද්‍රසේන ගාල්ල අධිකරණයේ නීතිඥයකු ලෙස කටයුතු කරන අතර මව ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියකි.


