26.4 C
Galle

කරාපිටිය රෝහලේ වැඩ අඩපණයි. සේවයට හමුදාව යොදවයි

Published:

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති රෝහල් කණිස්ඨ කාර්ය මණ්ඩල හා මිශ්‍ර ශ්‍රේණි සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අන් සියලු සේවාවන් ඇණහිට තිබේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවාගැනීමේ නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් තොරව සේවකයන් බඳවාගැනීමේ රජයේ උත්සාහයට විරෝධය දක්වමින් වෘත්තීය සේවක සමිති 32ක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය දියත් කර තිබිණි. මේ හේතුවෙන් සියලුම සේවාවන් අක්‍රිය වුව ද කණිෂ්ඨ කාර්ය මණ්ඩල සහ මිශ්‍ර ශ්‍රේණිවල සේවක සේවිකාවන් පිරිසක් සේවයට වාර්තා නොකර නිල ඇඳුම්ද නොපැළඳ අත්‍යාවශ්‍ය හදිසි සැත්කම් හා හදිසි අනතුරු සේවාවන්වල යෙදී සිටියහ. එසේ වුව ද යුද හමුදා සාමාජිකයන් පැමිණ එම සේවාවන් සඳහා සිය දායකත්වය ලබාදීම හේතුවෙන් අද (24) දහවල් වනවිට සෞඛ්‍ය කාර්ය මණ්ඩල එලෙස සේවය කිරීමෙන් ද ඉවත්වූ බව සමස්ත ලංකා සුව සේවක සංගමයේ දකුණු පළාත් ලේකම් සරත් ජයනත්ත පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද සවස සෞඛ්‍ය ආමාතයාංශය සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ තීරණය කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!