26.4 C
Galle

කරාපිටියේ කොරෝනා එන්නත් ආපසු යවලා. විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්ටත් නෑ

Published:

රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීම සඳහා නිකුත් කරන ලද කොරෝනා එන්නත් ඉතිරිවී ඇත්නම් ඒවා විශ්‍රාමික සෞඛ්‍ය සේවක සේවිකාවන් වෙත ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දුන්න ද කරාපිටිය ශික්ෂණ රෝහලේ එම උපදෙස් උල්ලංඝනය වී තිබේ.

අධ්‍යක්ෂවරුන්ගේ හිතවතුන්ට එන්නත් ලබාදීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇත.

මෙම උපදෙස් අනුව රෝහලට පැමිණි විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්ට දැනගන්නට ලැබී ඇත්තේ එම එන්නත් තමන්වෙත නිකුත් නොකරන බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි විශ්‍රාමික හෙද නිලධාරිනියක වන ආර්.ඩබ්ලිව්. ශ්‍රියානි පැවසුවේ තමන් එන්නත් ගැනීමට රෝහලට ගිය ද එන්නත් නොලැබුණු බවයි. මේ පිළිබඳ සොයා බැලීමේ දී එන්නත් 300කට වැඩි ප්‍රමාණයක් ආපසු හරවා යවා ඇති බව තහවුරු වූ බව ඇය කියයි.

මේ ගැන සොයා බැලීමේ දී අනාවරණය වූයේ විශ්‍රාමික ‍සෞඛ්‍ය සේවකයන්ට ලබාදීමට තිබූ එන්නත්වලින් කොටසක් රෝහල් පරිපාලකයන් විසින් තම හිතවතුන් පිරිසකට නිකුත් කර ඇති බවයි. මේ බව දැනගත් රෝහලේ කාර්යාලයේ සේවක සේවිකාවන් ද දිගින් දිගටම තමන්ට එන්නත් අවශ්‍ය බවට බලපෑම් කිරීම හේතුවෙන් හොර පාරේ එන්නත් හිතවතුන්ට දුන් පරිපාලකයන් ම එම එන්නත් කිසිවෙකුට නොදී හරවා යවා ඇතැයි විශ්‍රාමික සෞඛ්‍ය ‍තාක්ෂණික ශිල්පියකු වූ ජී.එන්.සිරිවර්ධන කියා සිටියේය.

මේ පිළිබඳ විමසීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවන් දෙදෙනාට ඇමතුමක් ගත්ත ද ඔවුන් ඒ සඳහා අපෙන් ප්‍රශ්නය විමසා ඉන් අනතුරුව පිළිතුරු නොදී දුරකථනය විසන්ධි කරයි.

Related articles

Recent articles

error: Content is protected !!