26.4 C
Galle

හෙදියක් කොරෝනා වැළඳී මරුට

Published:

මාවනැල්ල රෝහලේ හෙදියක කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඇය මෙරට කොරෝනා ආසාදනය හේතුවෙන් මියගිය පළමු හෙදිය ද වෙයි.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද කුමාර වික්‍රමසිංහ පවසන්නේ පසුගිය 11 වැනි දා මොළයේ රුධිර නාලයක් පිපිරීම හේතුවෙන් ඇය මහනුවර රෝහලට ඇතුළත් කර සිටි බවයි. එහි දී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයක් අනුව ඇය කොරෝනා ආසාදිත නොවේ යැයි තීරණය වුව ද 16 වැනි දා මොළයේ සැත්කමක් කිරීමට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ එම හෙදිය කොරෝනා ආසාදිත ව සිටින බවයි. ඉන් පසු ඇය මියගියාය.

මේ අනුව මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මොළයේ රුධිර වහනයක් සිදුවීම හා කොරෝනා ආසාදනය වීමයි.

Related articles

Recent articles

error: Content is protected !!