26.4 C
Galle

යාපනය බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් ?

Published:

යාපනය බන්ධනාගාරයේ කොරොනා පොකුරක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බවත් මේ වනවිට රැදවූළුන් 52කට කොරෝනා ආසාදනය වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

යාපනය ශික්ෂණ රෝහල මගින් බන්ධනාගාර රැඳවූවන් 150ක පමණ පිරිසක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ ආසාදිතයන් පිරිස හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් යාපනය බන්ධනාගාරය තුළ කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනා ගනිමින් ඔවුන් ද නිරෝධායනය කර පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!