25.8 C
Galle

‍සේවය අවසන් කිරීමේ වන්දි මුදල දෙගුණයක් වෙයි

Published:

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල (සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල) යම් සේවකයෙකුගේ සේවය, අදාළ ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර තිබේ.

ඒ සඳහා වන සඳහා වන ගැසට් නිවේදනය පසුගිය 25 වන දා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව , 1971 අංක 25 දරණ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතට ප්‍රකාරව 2005 මාර්තු 15 වන දින ප්‍රකාශයට පත්කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 1,250,000.00 ක මුදල දෙගුණයක් වී ඇත.

එම වන්දි මුදල ගෙවීම පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!