25.8 C
Galle

කොරෝනා සුවවී නිවසට ආ පුද්ගලයා එදිනම සවස මියයයි

Published:

වලපනේ උකුතුලේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී තෙල්දෙණිය රෝහලට ගෙන ගොස් යළි නිවසට පැමිණි පසු එදිනම මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මතුරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන රෝහල්ගත කෙරිණි. රෝහලේ ‍දින 20ක කාලයක් ගත කිරීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු තවදුරටත් ආසාදිතයකු නොවන බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ඊයේ (27) යළි නිවසට එවා ඇත.

එසේ නිවසට පැමිණි මෙම තැනැත්තා ඊයේ සවස හදිසියේම මියගියේය. සෞඛ්‍ය අංශ පවසන්නේ ඔහු උග්‍ර වකුගඩු රෝගයකින් පෙළුණු බවයි. මෙම පුද්ගලයාගේ මරණය නි‍රෝධානය නීති අනුව සිදුකරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!