25.8 C
Galle

ඇල්පිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් පැන ගිහින්

Published:

ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු රෝහලින් පැනගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු රෝගීව ඌරගස්මංහන්දිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට මාරුකර එවා තිබිණි. එහි දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිත අයකු බවයි.

ඔහුගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර එම පුද්ගලයා රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. රෝගියා සොයා ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!