25.8 C
Galle

ගාල්ලේ තරුණයා දුම්රියේ හැපුණා ද ? දුම්රියට පැන්නා ද ?

Published:

ගාල්ල මිනුවන්ගොඩ දී අද (03) සවස දුම්රියේ හැපී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තවලම හබරකඩ පිටිගල පාරේ පදිංචි පැතුම් පුෂ්ප වික්‍රමසිංහ නමැති 20 හැවිරිදි තරුණයෙකි.

ගාල්ල ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ පාඨමාලාවක් හදාරන සිසුවකු බව ද පොලිසිය පවසයි.

ගාල්ල සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියේ හැපුණු මෙම තරුණයාගේ මළ සිරුර ඊට පසුව ඇති කටුගොඩ දුම්රිය ස්ථානයට භාර දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම තරුණයා දුම්රියේ ගැටුණා ද නැතිනම් සියදිවි නසාගත්තා ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!